දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය කිහිපය තුළ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
නවතම කාලගුණ වාර්තාවන්ට අනුව, විශේෂයෙන්ම මධ්‍යම, ඌව සහ සබරගමුව යන පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
මීට අමතරව උතුරු මැද සහ නැගෙනහිර පළාත් කේන්ද්‍ර කරගනිමින් මඩකලපුව, අම්පාර, පොළොන්නරුව යන දිස්ත්‍රික්ක සඳහා මෙම තද වැසි තත්ත්වය බලපෑ හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
එසේම, දිවයිනේ සෙසු ප්‍රදේශවලද ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
