සජීවී විකාශයක් අතරතුරදී රූපලාවන්‍ය ෆිල්ටරයක් (beauty filter) දෝෂයකට ලක්වීමෙන් ඇගේ සැබෑ රූපය සුළු මොහොතකට නිරාවරණය වීමත් සමඟ, චීන ජාතික සජීවී විකාශිකාවක් (live streamer) අන්තර්ජාලය පුරා දැඩි කතාබහට (viral) ලක්වී ඇත.
වාර්තා වන අන්දමට, මෙම සිදුවීමෙන් කෙටි කලකට පසුව ඇයට අනුගාමිකයින් (followers) 140,000 කට ආසන්න ප්‍රමාණයක් අහිමි වී තිබේ.
මෙම වීඩියෝ දර්ශනය හේතුවෙන් රූපලාවන්‍ය ෆිල්ටර් භාවිතය සහ අන්තර්ජාලයේ කෘතිම රූප සංස්කෘතිය පිළිබඳව නව විවාදයක් නිර්මාණය වී ඇත.
