ගාල්ල ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර පාසලක විදුහල්පතිවරයා සහ දෙමාපියන් පිරිසක් අතර ඇති වූ දරුණු ගැටුමකින් විදුහල්පතිවරයා ඇතුළු තිදෙනෙකු තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
වාර්තා වෙන පරිදි මෙම ගැටුම හටගෙන ඇත්තේ පසුගිය 19 වැනිදා පාසලේ පැවැති පාසල් නිවාසාන්තර ක්‍රීඩා උළෙල නිමාවීමෙන් අනතුරුව බවයි.
පාසලේ අධ්‍යාපන කටයුතු නිසි පරිදි සිදු නොවීම, සිසුන්ට අවශ්‍ය පහසුකම් ලබා නොදීම සහ පවතින අවිධිමත් අධ්‍යාපන ක්‍රමය විධිමත් කරන ලෙස බල කරමින් දෙමාපියන් කලක සිට විරෝධය පළ කරමින් සිට තිබෙනවා.
එම ගැටලු සම්බන්ධයෙන් විදුහල්පතිවරයා සමඟ ඇති වූ උණුසුම් කතාබහක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ
සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වන අතර, රෝහල් ගත කළ පුද්ගලයින්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.
