මත්කුඩු සමග ටෙලිනාට්‍ය නළුවෙක් අත්අඩංගුවට

 පිළියන්දල ප්‍රදේශයේ නවාතැන්පොළක් පරීක්ෂා කිරීමේදී මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

මෙසේ අත්අඩංගුවට පත්වූවන් අතර ප්‍රකට ටෙලි නාට්‍ය නළුවෙකු ද සිටින බව පොලිසිය තහවුරු කරයි.



මත්තේගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු රහසිගත තොරතුරක් මත ක්‍රියාත්මක වූ නිලධාරීන් කණ්ඩායමක් අත්අඩංගුවට ගත් පිරිස වයස අවුරුදු 26 සහ 28 පසුවන අනුරාධපුර සහ පිළියන්දල පදිංචිකරුවන් තිදෙනෙකි.

සොයාගත් මත්ද්‍රව්‍යකොකේන් මිලිග්‍රෑම් 10ක් සහ ගංජා මිශ්‍රිත 'චිප්ස්' වර්ගයේ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 255කි.