දිස්ත්‍රික්ක 4කට නායයෑමේ 'රතු නිවේදන' නිකුත් කෙරේ

පවතින අධික වර්ෂාවත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා මට්ටම 3 (Level 3) යටතේ නායයෑමේ ඉවත් වීමේ රතු නිවේදන නිකුත් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) පියවර ගෙන තිබෙනවා.




අදාළ රතු නිවේදන නිකුත් කර ඇති ප්‍රදේශ ලෙස, 

මහනුවර දිස්ත්‍රික්කය: යටිනුවර, දොළුව, උඩුදුම්බර සහ ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ අවට ප්‍රදේශ.

කෑගල්ල දිස්ත්‍රික්කය: යටියන්තොට, කෑගල්ල, දෙහිඕවිට, අරණායක සහ මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ අවට ප්‍රදේශ.

මාතලේ දිස්ත්‍රික්කය: රත්තොට, අඹන්ගඟ කෝරළේ, ලග්ගල පල්ලේගම, විල්ගමුව සහ උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ අවට ප්‍රදේශ.

රත්නපුර දිස්ත්‍රික්කය: රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ අවට ප්‍රදේශ නම්කර තිබෙනවා.

ඒ අනුව, මෙම ප්‍රදේශවල නායයෑමේ අවදානම් සහිත ස්ථානවල පදිංචි ජනතාව වහාම ආරක්ෂිත ස්ථාන කරා ඉවත් විය යුතු බවයි එම මධ්‍යස්ථානය පවසන්නේ.