අඹේවෙල, වර්වික්වත්ත ප්‍රදේශයේදී අට හැවිරිදි දැරියකට සහ වයස අවුරුදු දෙකහමාරක කුඩා දරුවකුට පොලුවලින් පහරදී කෲරත්වයට පත්කළ බව කියන මවක සහ ඇයගේ අනියම් සැමියා අද (20) කැප්පෙටිපොළ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ අඹේවෙල වර්වික්වත්තේ පහලකොටස පදිංචි මෙම සිඟිති දරු දෙදෙනාගේ 31 හැවිරිදි මව සහ ඇයගේ අනියම් සැමියා බව කියන 35 හැවිරිදි දරුවන් තිදෙනකු සිටින පුද්ගලයකු යැයි පොලිසිය කීය.
පොලුවලින් පහරදී තුවාල සිදුව කෲරත්වයට පත් වූ මිරහවත්ත ඩයරබා වත්ත පහල කොටසේ පදිංචි 8 හැවිරිදි දැරිය සහ අවුරුදු 2, 1/2 ක් වයස සිගිති දරුවා ප්‍රතිකාර සදහා බදුල්ල ශික්ශන රෝහලට ඇතුලත් කල බවද පොලිසිය පැවසීය .
මෙම සිගිති දරුදෙදෙනා මව සහ 38 හැවිරිදි නීතියානූකූල පියා සමග මිරහවත්ත ඩයරබා වත්ත පහලකොටසේ නිවසක පදිංචිව සිට ඇති අතර සැකකරු පියාගේ හොද යැයි ද පොලිසිය කියයි.
