සා.පෙළ විභාගය අදයි - අපේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක්

 2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (17) දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 3,545කදී ආරම්භ වීමට නියමිතයි. 




අපේක්ෂකයින් තම ප්‍රවේශ පත්‍ර සහ වලංගු හැඳුනුම්පත් සමඟ නියමිත ආරම්භක වේලාවට පැයකට පෙර විභාග මධ්‍යස්ථනා වෙත පැමිණෙන ලෙසයි 
විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ සඳහන් කළේ.

මෙවර විභාගය සඳහා පෙනී සිටින මුළු අපේක්ෂකයින් සංඛ්‍යාව 451,463ක්.

ඉන් 382,249ක් පාසල් අපේක්ෂකයින් වන අතර, 69,214ක් පෞද්ගලික අපේක්ෂකයින් ලෙස විභාගයට ඉදිරිපත් වනු ඇති.