නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් වෙත නායයෑම් පිළිබද පෙර අනතුරු ඇඟවීම්

 නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් වෙත නායයෑම් පිළිබද පෙර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. 




ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩාහින්න සහ වලපනේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවලට අදියර දෙක යටතේ සහ මතුරට හා හගුරන්කෙත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවලට අදියර එක යටතේ නායයෑම් පිළිබද පෙර අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණා. 

බදුල්ල දිස්ත්‍රික්කයේ මීගහකිවුල, කන්දෙකැටිය යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවලට අදියර එක යටතේ අනතුරු ඇඟවීම් නිකුත්කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේශන ආයතනය නිවේදනය කළේ.