වාර්ෂිකව මෙරටින් හමුවන ළමා පිළිකා රෝගීන් ගැන භයානක අනාවරණයක්

 වාර්ෂිකව මෙරටින් ළමා පිළිකා රෝගීන් 900ක් පමණ වාර්තා වන බව ජාතික පිළිකා මර්ධන වැඩසටහන පවසයි.

 



එහි විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා සඳහන් කළේ ළමා පිළිකා සඳහා නිශ්චිත හේතුවක් හඳුනාගෙන නොමැති බවයි.


දරුවා තුළ හදිසියේ යම් වෙනසක් ඇති වන්නේ නම් හැකි ඉක්මනින් වෛද්‍යවරයෙක් වෙත යොමු කරන ලෙසද දෙමව්පියන්ට දැනුම්දී ඇත.