පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින්, කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව සහ මාවනැල්ල අතර කොටසේ ගමන් ගන්නා රියදුරන් දැඩි විමසිලිමත්භාවයකින් පසුවිය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) දැනුම් දෙනවා.
එම මාර්ග කොටස ආශ්‍රිතව පස් කඳු කඩා වැටීමේ හෝ ගල් පෙරළීමේ අවදානමක් පැවතිය හැකි බැවින් රථවාහන ධාවනය කිරීමේදී ඉතා ප්‍රවේශම් විය යුතු බවයි එම මධ්‍යස්ථානය සඳහන් කරන්නේ.
