හැටන් කොළඹ මාර්ගයේ බිහිසුණු අනතුරක්

 හැටන් සිට කොළඹ දෙසට ධාවනය වූ භාණ්ඩ ප්‍රවාහන ලොරි රථයක් අද (21) අලුයම 2.30ට පමණ වටවල ප්‍රදේශයේදී අඩි පහළොවක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් බරපතළ අනතුරක් සිදුව තිබෙන බව වටව්ල පොලිසිය පවසයි.



ඉදිරියෙන් පැමිණි වාහනයකට ඉඩ ලබා දීමට උත්සාහ කිරීමේදී ලොරි රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සිදුකල මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.


අනතුරින් ලොරි රථයට දැඩි අලාභහානි සිදුව ඇති අතරඑහි රියදුරු රථය තුළ සිරවී සිටියදීඔහුව බේරා ගැනීම සඳහා වටවල පොලිස් නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව පැය එකහමාරක පමණ කාලයක් දැඩි පරිශ්‍රමයක් දරා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත.


අනතුර සිදුවන අවස්ථාවේ රථයේ රියදුරු සහ සහායකයා පමණක් සිට ඇති බව වාර්තා වේ.

බේරාගත් රියදුරු 1990 සුවසැරිය ගිලන් රථ සේවය මගින් වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතරසිද්ධිය සම්බන්ධයෙන් වටවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.