මොණරාගල දිස්ත්‍රික්කයේ පිහිටි අලිකොට ආර ජලාශයේ වාන් දොරටු අද (20) රාත්‍රියේ සිට විවෘත කිරීමට තීරණය කර ඇති බව වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය නිවේදනය කරනවා.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය සහ උමා ඔය ඉහළ විදුලි බල නිෂ්පාදනය හේතුවෙන් ජලාශයට අතිරික්ත ජලය එක්වීම මෙම තීරණයට හේතු වී ඇති බවයි එම නිවේදනයේ සඳහන්.
ඒ අනුව, අද (20) රාත්‍රී 8.00 සිට හෙට (21) අලුයම 5.00 දක්වා ජලාශයේ පිටවාන් දොරටු 3 ම අඩි 2 බැගින් (39.3 cumec) විවෘත කෙරෙන බවයි එම නිවේදනයේ සඳහන්.
ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමඟ පහත ප්‍රදේශවල ගමනාගමනයට බාධා එල්ල විය හැකි බව වාරිමාර්ග බලධාරීන් පෙන්වා දෙනවා.
ඒ අනුව, කොටිකම් බොක්ක, මාලපේවල සහ වේවැල් කඳුර සපත්තු පාලම භාවිතා කිරීම මේ මොහොතේ අනතුරුදායක බැවින් ඒ සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි දැනුම් දෙන්නේ.
තවද, කිරිඳි ඔය දෙපස පදිංචි ජනතාව ජල මට්ටම ඉහළ යාම පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසත් එම නිවේදනය මඟින් දැනුම් දී තිබෙනවා.
