යටියන්තොට බස් අනතුරක්

 යටියන්තොට පොලිස් බල ප්‍රදේශයේ තණකොළවත්ත ප්‍රදේශයේ පෞද්ගලික සංචාරක බස් රථයක් යතුරුපැදියක ගැටීමෙන් අනතුරක් සිදුව ඇතැයි යටියන්තොට පොලිසිය පවසනවා.




මෙම අනතුරින් යතුරුපැදිකරු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

සංචාරකයින් පිරිසක් රැගත් පෞද්ගලික බස් රථයක් අද (20) සවස 4.00ට පමණ මෙම ස්ථානයෙන් ධාවනය කරමින් තිබියදී මෙම අනතුර සිදුව තිබෙනවා.

මේ වන විට එම ප්‍රදේශයේ අධික වර්ෂා තත්වයක් පවතින බැවින් මාර්ගය ලිස්සන සුළු බවක් ද ඇති බවයි පොලිසිය පවසන්නේ.